Colombo Today Local News

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩු ආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතව තිබෙනවා. ඉතා දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධි ලාභී පවුල්වල සාමාජිකයින් සහ සුදුසුකම් ලබන එහෙත් සමෘද්ධි සහනාධාර නොලබන පවුල් නඟා සිටුවීම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අරමුණ වේ.

එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනාගෙන සුදුසු කේෂ්ත්‍රයන්හි මාස 06 ක පුහුණුවකින් පසු ස්ථිර රැකියා අවස්ථා ලබාදීමට නියමිතව ඇති අතර ඔවුන්ට පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවන් ලබාදීම විශේෂත්වයක් වනවා.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපන මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතව ඇත. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කරනු ඇත. ඔවුන් මෙහෙයවීමේ සහ කළමනාකරණය සඳහා උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපනය ලැබුවන්ට ද රැකියා අවස්ථා උදාවේ.

මෙම රැකියාවන් සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා පුද්ගලයින් 300-350 අතර පිරිසකට රැකියා ලබදිමට නියමිත අතර විහාරස්ථානයේ නායක ස්වාමි වහන්සේ අනෙකුත් ආගමික පුජක උතුමන්ලා, දිස්ත්‍රික් ලේකම්, ග්‍රාම සේවක නිලධාරීන් ඇතුළු කේෂ්ත්‍ර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සුදුසුකම්ලාභින් තෝරා ගැනීමට නියමිතය.

තෝරාගැනීමේ නිවැරදිතාව තවදුරටත් තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශවල නිපුණතාවක් සහිත පිරිසක් යෙදවීමට ද තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

සුදුසුකම්ලාභීන් පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන රැකියා සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත. වඩු,පෙදරේරු,කෘෂි,ධීවර,වන සංරක්ෂන වැනි කේෂ්ත්‍ර සඳහා සහ ඒ ඒ පළාත්වලට අවැසි වන පරිදි පුහුණුවීම් කොට සේවයේ පිහිටුවිමට ද පියවර ගැනේ.

Related posts

ඉන්දියාව තරහ වෙතැයි බිය වේ.. ශ්‍රී ලංකා රජය චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි

colombotoday

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

ප‍්‍රභාකරන්ගේ නිවසට ගොස් හඬාවැටුණු ඉන්දීය නළු සතීස් කුමාර් ගැන පරීක්‍ෂණ

colombotoday

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday