Colombo Today Local News

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

නිවාස මිලදි ගැනීමට සියයට 6.25ක වාර්ෂික පොලීයකට තිස්වසරකින් ගෙවීයන පිරිදි රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ඔක්තොම්බර් 5වන දිනට යෙදී ඇති “ලෝක නිවාස දිනය” ට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් නිවාස 1500ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්,“ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඊයේ (17)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“ඔබට ගෙයක්, රටට හෙටක්” සංකල්පය තේමා කර ගනිමින් තම අමාත්‍යාංශය දැනටමත් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය .

එම ව්‍යාපෘතිය යටතේ වසර 05ක් අවසන නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ.

රටපුරා පවුල් 526,000කට අධික සංඛ්‍යාවකට වැසිකිළි පහසුකම් නොමැති බව මෙම සාකච්ඡාවට එක්වු ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.

Related posts

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

කෝටි දෙකකට අධික බීඩි කොළ ඉලන්තඩිය වෙරළේදී අල්ලයි

Admin

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin