Colombo Today Local News

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා.

ඒ අනුව ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප‍්‍රමාද විය හැකි බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ. රටවල් රැසක තවදුරටත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ඇති බැවින් ගුවන් තොටුපළ විවෘත කිරීම ප‍්‍රමාද වනු ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප‍්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ.

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා. එහිදී සඳහන් කළේ පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවයි. එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් සඳහන් කළා.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම යානයෙන් එක් මගියෙකු පැමිණ ඇති අතර නැවත මගීන් 54 දෙනෙකු රැගෙන එම යානය ඊයේ රාති‍්‍රයේ බැංගලෝර් වෙත පියාසර කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.

Related posts

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

colombotoday