Colombo Today Local News

අගමැතිගේ වැය ශීර්ෂය කපා දමන්න එජාපයෙන් යෝජනාවක්… කතානාකට බාරදෙයි…

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරිය යුතු බව සඳහන් වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ අස්සනින් ඊයේ කථානායකවරයා වෙත භාරදී ඇත.

රවි කරුණානායක, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, නවීන් දිසානායක සහ නාලක කොළොන්නේ යන මන්ත්‍රිවරු එම යෝජනාවට අස්සන් තබා ඇත.

යෝජනාව ලබන 29 වැනිදා විවාදයට ගන්නා ලෙසද එම මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරිය යුතු බව සඳහන් යෝජනාවක් කථානායක කරු ජයසූරිය වෙත භාරදුන් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය. එම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගන්නා ලෙසද කථානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එම යෝජනාව එදිනට විවාදයට ගනු ඇතැයි සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේ තමන්ගේ බහුතරය පාර්ලිමේන්තුවේදී පෙන්වන බවද පැවැසීය.

Related posts

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

එක්නැලිගොඩ වෙනුවෙන් බුද්ධිඅංශ රණවිරුවන් පාවා දීලා, මේව හෙණගහන වැඩ… මේ නිවට නායකයන්ට වස් කවි කියන්න ඕනෑ – ඥාණසාර හිමි

colombotoday

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday

මැදින් පොහොය දිනය අදයි

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday