Covid 19

පාස්ටර්ගේ Zoom දේව මෙහෙයට සහභාගී වෙන්න නිවසකට ගිය කතට කොවිඩ් – පවුල් 6ක සාමාජිකයින් නිරෝධායනයට

Zoom තාක්ෂණය ඔස්සේ පාස්ටර්වරයෙක් විසින් පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීමට වැල්ලම්පිටියේ නිවසකට පැමිණි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

වැල්ලම්පිටිය මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා පැවසුවේ සිදුකළ පීසීආර් පරීක්ෂාවකින් එම කාන්තාව සහ ඇගේ සැමියා ද ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.

ඒ අනුව ඇයගේ ආශ්‍රිතයින් ලෙස අදාළ දේව මෙහෙයට සහභාගී වු පවුල් 6ක සාමාජිකයින් දින 14ක නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් Zoom තාක්ෂණය ඔස්සේ දේවමෙහෙය පැවැත්වූ පාස්ටර්වරයාද එම ස්ථානයට කැඳවා ඔහුට දැඩි ලෙස අවවාද කර වැඩිදුර පරීක්ෂණයක් සඳහා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණෙන ලෙස ද දන්වා තිබේ.

එම ප්‍රදේශයේම කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ නිවසක පිරිසක් මීට පෙර නිරෝධායනයට ලක් කර තිබී ඇති අතර ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විට නිරෝධායනය වෙමින් සිටි එම පවුලේ තිදෙනෙක් නිවසෙන් බැහැරව ගොස් තිබේ.

Related posts

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොවිඩ්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday