Colombo Today Local NewsTop Stories

මේක පට්ට සංගණනයක්! ජිමික් එකක් වූ ආණ්ඩුවේ රිලා නාඩගම

ඉකුත් දා පළමු වෙළුම නිමාව දුටු මාලිමා ආණ්ඩුවේ පොලිස් කෝලමට නොදෙවෙනි තවත් නාඩගමක පසුකතා දැන් කරළියේ දිගහැරෙමින් තිබේ. ඒ ආණ්ඩුවේ කුප්‍රකට වනසත්ත්ව සංගණනය හෙවත් “ඊනියා රිලා නාඩගම”යි.

මෙම නාඩගමෙහි ප්‍රතිඵල ඊයේ එනම් 28 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරෙන බවට ජාතික මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණත් තවමත් කිසිදු සංගණන වාර්තාවක් එළිදක්වා නොමැත. සංගණනයේ ප්‍රතිඵල 100%ක්ම නිවැරදි නොවන බවත්, නිවැරදිම ප්‍රතිඵල ලබගැනීමට නම් කිහිප වරක් මෙවැනි සංගණන සිදු කළ යුතු බවත් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කොට තිබුණේ මෙවැනි පසුබිමකයි.

එසේම රිලවුන් රට පැටවීමක් බිළිබඳ හාහෝවක්ද ඔහුගේ ප්‍රකාශයේ ගැබ්ව තිබිණි. ආණ්ඩුවේ මේ ඊනියා රිලා නැටුමෙහි මීළඟ පරිච්ඡේදය දිගහැරෙන්නේ මේ අතරයි. එම ජවනිකාවට ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූයේ මහනුවරින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රී ජගත් මනුවර්ණය.

රිලවුන් දූපතකට ගෙන ගොස් දැමීම පිළිබඳ ඔහු සිදු කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩු දෙන්නක් බවට පත්ව තිබෙන අතරම එම ප්‍රකාශය පිළිබඳ විවිධ මතිමතාන්තරද සමාජය තුළින් පැන නගිමින් තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කළ පරිදි රිලවුන් කූඩු කර දූපතක් කරා රැගෙන යාම සහ උන්ට ආපසු පැන ඒමට නොහැකි පරිදි ඒ වටා විදුලි වැටක් ඉදිකිරීම වැනි කරුණු කාරණා සමස්ත ප්‍රශ්නය විසඳීමේදී කෙතරම් සාර්ථක සහ ප්‍රායෝගික විසඳුම්ද යන පැණය මේ මොහොතේ ප්‍රශ්නයට නැගිය යුතුව ඇත. කෙසේ වුවත් හේවාහැට ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත මෙම නියමු ව්‍යාපෘතියේදී අල්ලා ගන්නා සතුන් ගෙනගොස් දැමීම සඳහා දූපතක්ද තෝරාගෙන ඇති බැව් පැවසෙන අතර මේ විකට නාටකයේ මීළඟ ජවනිකාව රඟදැක්වීම සඳහා තිරය ඇරෙන තෙක් අපිද ආශාවෙන් බලා සිටිමු.

මේ අතර අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා විසින් මෙම කාරණයෙහි තිබෙන ප්‍රායෝගිකභාවය පිළිබඳ බරපතල ලෙස ප්‍රශ්න කොට සිටි අතර, වනසත්ව ගැටළුව විසඳීමෙහිලා රජය විසින් ගත යුතු නිවැරදි විද්‍යානුකූල ක්‍රමවේදයක් පිළිබඳවද කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන ලදී.

එසේම, ජාතික ගොවිජන එකමුතුවෙහි සභාපති අනුරාධ තෙන්නකෝන්ද සංගණනයේ ප්‍රතිඵල පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කොට සිටින අතර එක්තරා මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නිල නොවන වශයෙන් ලැබෙන දත්ත අනුව ඇතැම් පළාත් වල මිනිස් ගහනයද ඉක්මවූ සත්ත්ව ගහනයක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඊනියා රිලා සංගණනයේ සමස්ත ප්‍රතිඵලය පොදු ජනතාව අතට ලැබෙන තෙක් අපිද නොඉවසිල්ලෙන් බලා සිටිමු.

සටහන – Chalana

Related posts

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

මරණ දඬුවම නියමව සිටි මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

මහනාහිමියන් සංවේදී වෙයි.. සති දෙකකින් පිළිතුරු දෙන්න පොරොන්දුවක් !

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

colombotoday