Colombo Today Local News

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.

ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා පහසුවෙන් හඳුනාගත හැකිය.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව ස‍ඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

Admin

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday