රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්රා 50,000ක් රැගත් යානය ඊයේ (27)දින රාත්රී දිවයිනට ළඟා විය.
කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2528 දරන භාණ්ඩ ප්රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි.
එලෙස රැගෙන ආ එන්නත් තොගය පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ට්රක් රථ මගින් කොළඹ පිහිටි එහි ප්රධාන ගබඩා සංකිීරණය වෙත රැගෙන ගිය බව වාර්තාවේ.