Colombo Today Local NewsTop Stories

දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි

දෙමල ජාතික සන්ධානය විසින් රජයට නව ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර තිබෙනවා. එම එල්ලිම් ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනාත්මක ලෙස ලිපියක් නිකත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා.


ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කර ඇති එම ලිපියේ සිංහල පරිවර්තනය….

දෙමළ උරුමය සභාව
29.09.2019

දෙමළ ජනතාවගේ වර්තමාන තත්ත්වය පිළිබඳ හදිසි ඉල්ලීමක්…

අද දින මෙම හමුව පැවැත්වූයේ දෙමළ ජාතික සංධානයේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් නීති උපකාර පැතීමට නොවේ. අප පහත සඳහන් සාධාරණ සහ හදිසි ඉල්ලීම් ඉල්ලා සිටිනු ලබන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව මධ්‍යම රජයේ විධායක ආයතන වලින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැලසුම් සහගතව සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව ඔබතුමන්ලා දැනුවත් කිරීමටයි.

  1. නීරාවියඩි පිල්ලෙයාර් කෝවිල දෙමළ ජනතාවට අයත් පුරාණ දේවස්ථානයකි. මෙම දේවස්ථානය සැලසුම් සහගතව ආක්‍රමණයකොට බෞද්ධ විහාරයක් ඉදි කිරීම වහාම නැවැත්විය යුතුය.
  2. උතුරු පළාතේ ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්ථාන, විශ්වාස කටයුතු දෙමළ පුරා විද්‍යා පර්යේෂකයින්, ඉතිහාස විෂය සම්බන්ධ පර්යේෂකයින්, යාපනය විශ්ව විද්‍යාලය, එම ප්‍රදේශ වල ප්‍රාදේශීය ආයතන සහ ගම් මට්ටමේ ජනතාව යන සියළු දෙනාගේ සහභාගීත්වයෙන් නිශ්චිත වශයෙන්ම තහවුරු කරගන්නා තෙක්, ගැසට් පත්‍රයේ සඳහන් පරිදි දැනට එම ප්‍රදේශ වල තිඛෙන ගොඩනැගිලි වෙනස් කිරීම හෝ අලූතෙන් ගොඩනැගිලි ඉදි කිරීමට ඉඩ නොදී ආරක්ෂා කරන ලෙසත් ඒ සම්බන්ධ අමාත්‍යංශයෙන් ලිඛිතව පොරොන්දුවක් ලබාගත යුතු අතර, රජයේ නියෝගයක් ද වහාම ලබාගත යුතුය.
  3. උතුරු පළාතේ මහවැලි ඩී සංවර්ධන කළාපය හරහා සිදුකර ඇති සැලසුම් සහගත සිංහල ජනතාව පදිංචි කිරීම තවදුරටත් සිදු වෙමින් පවතින හෙයින් අවම වශයෙන් 2007 වසරෙ නිකුත් කරන ලද ගැසට් පත්‍රය නැවත ලබාගෙන 1988 වසරේ නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ පරිදි මායිම් ගම් වල ජීවත් වන දෙමළ වැසියන්ගේ සහභාගීත්වයෙන් නැවතත් එම ප්‍රදේශ වල සීමා නිර්ණය සිදු කළ යුතුය.
  4. GPS තාක්ෂණය භාවිතයෙන්, 2009 වර්ෂයෙන් පසු නිකුත් කරන ලද ගැසට් පත්‍ර වලට අනුව නම් කරන ලද රක්ෂිත වන ප්‍රදේශවල සීමා නිර්ණය නැවතත් සිදු කළ යුතුය.
  5. වන ජීවි දෙපාර්තමේන්තුව විසින් 2009 වසරේ ගැසට් කරන ලද ජාතික වනෝද්‍යාන සහ ස්වාභාවික ප්‍රදේශ, ජනතාවගේ වාසස්ථාන සහ ජීවනෝපාය සමඟ බැඳී ඇත. එහෙයින්, ඒවාට බාධා එල්ල නොවන පරිදි නැවත සීමා නිර්ණය සිදු කළ යුතු අතර, දෙමළ ජනතාවගේ වාසස්ථාන, සංස්කෘතිය සහ ජීවනෝපායට හානි නොවන ලෙස සීමා නිර්ණය සිදු කිරීමට රජයේ නියෝගයක් ද වහාම ලබාගත යුතුය.

ඉහත සඳහන් සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වුවහොත්, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයට සහයෝගය පළ කරනවාද නැද්ද යන්න නැවත වතාවක් සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට
දෙමළ උරුමය සභාවේ
සම නායකවරුන්

Related posts

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday

“ක්‍රීඩකයන්ට නෙවෙයි ක්‍රිකට් වනසන පරිපාලනයට හූ කියන්න.. ව්‍යසනය නිමා කරන්න කාලය හරි” – අර්ජුනගෙන් ලිපියක් (Video)

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

උසස් පෙළ සිසුන්ට “ටැබ්“ ලබාදීමට ජනපිත එරෙහි වෙයි.. අගමැති ඉදිරියේම යෝජනාව කුණු කූඩෙට දමයි

colombotoday