Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරකයින් අල්ලාගත් ස්ථානයක තිබී ඥානසාර හිමිගේ විස්තර ඇතුලත් දෘඩ තැටියක් සොයාගනී.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු රැඳී සිටි ස්ථානයක තිබී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡායාරූප අඩංගු කර සැකසූ ලිපි ලේඛන ඇතුලත් දෘඩ තැටියක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙම දෘඩ තැටියේ තිබුණු ඡායාරූප අතර බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාගේ ඡායාරූප ද ඇතුළත්ව තිබුණා.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යයට නිකුත් කර සැකකරුවන් අතර සිටි මොහොමඩ් ඉව්හයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉව්හයිම් ශාහිඩ් අබ්දුල් හක් අත්අඩංගුවට ගත්තේ පසුගිය 27 වැනි දිනයි. මොවුන් දෙදෙනාට මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා. පිටතින් ඉබි යතුරු දමා වසා තිබුණු ගම්පොල නගරයේ පාවහන් වෙළඳසැල තුළ සැඟ වී සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා. ගම්පොල පොලිසියේ කණ්ඩායමක් සැකකරුවන් සැඟව සිටි පාවහන් වෙළඳසැල පිහිටි තෙමහල් ගොඩනැගිල්ල අද පෙරවරුවේ විශේෂ පරීක්ෂාවකට ලක් කළා. එහිදී තුන්වන මහලේ සපත්තු මහන මැෂිමක් තුළ සඟවා තිබූ සීඩී තැටියක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ගම්පොල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණියා.

පොලීසිය සඳහන් කළේ සොයාගත් සීඩී තැටිය ජාතික තවුහිත් ජමාත් නායක සහරාන් හෂීම්ගේ දේශනා ඇතුළත් වීඩියෝ තිබෙන බවයි. ඊට අමතරව අයි එස් සංවිධානය සිරියාවේ පුහුණුවීම් සිදුකරන දර්ශනද මෙහි ඇතුළත්. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් බාල සැකකරු මොහොමඩ් ඉව්හයිම් ශාහිඩ් අබ්දුල් හක් දින 58 ක කාලයක් සිරියාවේ යුද පුහුණුව ලබා ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. මීට අමතරව පොලිස් භාරයට ගත් සී ඩී පටයේ ඇතුළත් වීඩියෝ අතර මරාගෙන මැරෙන බෝම්බ සැකසීම, යුද උපකරණ සැකසීම, අයි එස් සංවිධානයේ නායකයන් සිදුකරන දේශන, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පුහුණු කිරීමේ දේශන ද ඇතුළත්. මීට අමතරව විහාරස්ථාන වල ඡායාරූප ද භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ සංවිධානවල නියෝජිතයින් ඉස්ලාම් සංවිධාන වල නියෝජිතයන් සමග සිටින ඡායාරූප එම දෘඩ තැටියේ ගබඩා කර තිබුණා.

https://youtu.be/7_DJJ8r8i-8

Related posts

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

colombotoday

කොළඹ හතේ ගෙයක් බින්ද ප්‍රබල ඇමතියෙක් ළගදීම අත්අඩංගුවට

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday