World

තලෙයිබාන් ත්‍රස්තයන් ඇමරිකාවට අනතුරු අඟවයි

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පසුගිය පෙබරවාරි මාසයේදී අත්සන් තැබූ සාම ගිවිසුම කඩාවැටෙමින් පවතින බව තලේබාන් සංවිධානය පවසනවා.

සාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඇමරිකාව සිවිල් වැසියන් ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන බවත්, ගිවිසුමේ පොරොන්දු වූ පරිදි තලේබාන් සිරකරුවන් 5,000 ක් නිදහස් කිරීම ප්‍රමාද කිරීමත් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය අප්‍රසධය පල කර ඇත.

තමන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවන්ට එරෙහිව හෝ ජාත්‍යන්තර හමුදාවන්ට විරුද්ධව ප්‍රහාර එල්ලකර නොමැති බවත් ඇමරිකා එක්සත් ජනපදය සහ ඇෆ්ගනිස්ථාන රජය දිගින් දිගටම සාම ගිවිසුම උල්ලංඝනය කළහොත් ඉදිරියේදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙනු ඇති බවටත් තලේබාන් සංවිධානය පවසයි.

ඇමරිකා එක්සත් ජනපද හමුදා ප්‍රකාශක කර්නල් සොනී ලෙගට් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා එක්සත් ජනපද හමුදා “එක්සත් ජනපද-ටීබී (තලේබාන්) ගිවිසුමේ යුධමය නියමයන් පිළිගෙන ඇති බවත් දිගටම පවත්වා ගෙන යන බවත් ය. තලෙයිබාන් සංවිධානය සිදුකරන ප්‍රකාශයක් පදනම් විරහිත ය.

පොරොන්දු වූ තලේබාන් සිරකරුවන් 5,000 ක් රජයේ නිලධාරීන් 1,000 ක් වෙනුවෙන් හුවමාරු කිරීම සඳහා නැවත නැවත ප්‍රමාද වීම පැහැදිලි කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන රජය පදනම් විරහිත තර්ක භාවිතා කරන බවට තලේබාන් සංවිධානය චෝදනා කර තිබේ.

Related posts

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

colombotoday

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

Admin

ඇෆ්ගනිස්ථාන වැසියන් රට හැරදමා යාමට පොර බදිති. ගුවන් යානයක රෝදයේ එල්ලී ගිය තිදෙනෙක් ඇද වැටී මරුට

colombotoday