Colombo Today Local News

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

ඉදිරිපත් කළ පෙත්සම් දෙසැම්බර් 18 වනදා නැවත විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් කැදවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ගොණු කල පෙත්සම් විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලල මෙම තීරණය ලබා දුන්නේය.

 

 

Related posts

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

ගිනිපෙට්ටි වෙනුවෙන් හදුන් පෙරට

Admin

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday