Uncategorized

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටියක මුදලක් ලබාදීමට යයි.

මෙම වසර සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටියක මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශවලට අනුව මෙම අරමුදල් පොදු ව්‍යාපෘති වෙනුවෙන් පමණක් වැය කළ යුතු අතර කිසිදු පෞද්ගලික ව්‍යාපෘති හෝ පුද්ගල අවශ්‍යතා වෙනුවෙන් පිරිනැමීම තහනම් වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාර්ගෝපදේශවල වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ විමධ්‍යගත අරමුදල් වැඩසටහන යටතේ අරමුදල් ලැබීමට සුදුසුකම් ලබන ව්‍යාපෘති සඳහා වන යෝජනා එක් එක් මන්ත්‍රීවරයා විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සහිතව 2021 මාර්තු 31 වැනිදාට පෙර ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තම යෝජනා දිස්ත්‍රික් ලේකම්වරු වෙත ඉදිරිපත් කරන ලෙසද උපදෙස් ලබා දී ඇත. එම නිර්දේශිත ව්‍යාපෘති මාර්ගෝපදේශවලට අනුකූල වන බව සළකා බැලීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කිරීමට නියමිතය.

රේඛීය අමාත්‍යවරුන්, පළාත් සභා හෝ වෙනත් ආයතන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් හරහා පහසුකම් නොලැබෙන දිස්ත්‍රික්කවල ආර්ථික, සමාජ, සංස්කෘතික හා ආගමික සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම අරමුදල් වැයකිරීමට අනුමැතිය ලබා දෙනු ඇත.

Related posts

Why you need a cheering squad in your fitness journey

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday