Colombo Today Local NewsUncategorized

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරයි

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ ප‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

එසේම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු නොලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday

මංගල සමරවීර “අරුණ” පුවත්පතට පහර දෙයි. දෙරණ බලන්නත් එපා කියයි.

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රථම නිළ සංචාරය අද ඉන්දියාවට – ඇමතිවරු කිසිවෙක් නෑ. නිලධාරින් පමණයි.

colombotoday

ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන ලොක්කාගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

Admin