Covid 19

ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා

අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් සදහන් කරයි.

තානාපති ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්ය මණ්ඩලයේ පිරිස මේවන විට ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.

ඇමෙරිකාවේ වොෂිංටන් හී ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් රවිනාථ ආර්යසිංහ මහතා නිල වශයෙන් රාජකාරි බාර ගනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදාය.

තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වීමත් සමග තානාපති කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබූ අතර වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

colombotoday

දරු ප්‍රසූතියට රෝහල් ගත කළ ගැබිනි මව්වරුන් දෙදෙනකුට කොරෝනා | පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday