මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇතුළු සමනල් කල්ලිය සිදුකල ක්‍රියා කලාපය හේතුවෙන් රටේ ජනතාවට යහපාලනය තිත්ත වූ බව මගල්කන්දේ සුදත්ත හිමි අද (01) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.
“මිනිස්සු ගහලා පන්නන්න කලින් කනෙන් අල්ලලා අගමැති ධූරයෙන් එලියට දැම්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හරිනම් රනිල් වික්‍රමසිංහ මල් තියලා වදින්න ඕනි” යැයි උන්වහන්සේ මෙහෙදී සඳහන් කර සිටියා.
NGO බත් බැලයන්ගේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ රට වලපල්ලට ගෙනගිය බවත් දැන් ඔවුන් එකතුවී මංගල සමරවීර සමග රටට ආර්ථික සම්බාදක දමන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලිම් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාව සිදු කරමින් සිටින බවත් සුදත්ත රි මෙහිදී සඳහන් කර සිටියා.