Colombo Today Local News

ආපදා මරණ 16 දක්වා ඉහළට… 127913ක් පීඩාවට පත්වෙයි.. මහ වැසි තවදුරටත්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

දින කිහිපයක සිට පවතින තද වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ඇතිවූ ජල ගැලීම්, අකුණු සැර වැදීම්, පස්කඳු කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.

පීඩාවට පත් පිරිස 1,27,913 ක් පමණ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ ඉඩකඩ පවතියි.

බොහෝ ගංගා සහ ජලාශ ආශ්‍රිත ජල මිනුම් ස්ථානවල ජල මට්ටම් සාමාන්‍ය තත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තව දුරටත් වැසි සහිත කාලගුණය පවතින බැවින් අවධානයෙන් පසුවන ලෙස ජනතාව දැනුවත් කරයි.

Related posts

මරික්කාර්ගේ කනෙන් අල්ලා සිරසෙන් දොට්ට දමයි – ජනපති පවුලේ ඉල්ලීම කිලී මහරාජා ඉටුකරයි

colombotoday

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් තිබියදී ලැබුණ ඉන්දීය ණයෙන් යකඩ ගෙනත් – නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

colombotoday

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday