Colombo Today Local News

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

අල්ලස් ගැනීමේ සිද්ධියක් මත ජනාධිපති කාර්යමණඩල ප්‍රධානියා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බවට වාර්තා වේ.

අද පෙරවරුවේ සිය කාර්ය මණ්ඩලය කැදවූ ජනාධිපතිවරයා අල්ලසට හා දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන නිලධාරීන්ට තමන්ගේ කිසිදු සමාවක් නොළැබෙන බවත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ වී බේරාගන්නැයි ඉල්ලා තමන් ළගට නොඑන ලෙසත් දැඩි ලෙස අවවාද කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන පුද්ගලයන් පිළිබදවද තරාතිරම නොබලා කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

දූෂණ හා වංචාවලට සම්බන්ධවන නිලධාරීන්ට පාඩමක් ඉගෙනගැනීමට හැකිවන ලෙස ඊයේ අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනාට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දන්වා ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ළමා ශ්‍රමිකයන් ඉහළ යාමේ අවදානමක්

Admin

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

colombotoday