Colombo Today Local News

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 15 දා නිවසකට පැන කුඩා දැරියන් දෙනෙකු කපා කොටා දැමීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වූ වයස්ගත යුවළක කපා කොටා තුවාල සිදු කළ බව කියන මැර කල්ලියේ සිවු දෙනාම ඊයේ 23 වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටදෙනියාව පොලිසිය කියයි.

අල්කයිඩා පවුල යනුවෙන් හදුන්වන පවුලේ පුතුන් තිදෙනෙකු හා කලක් පැවිදිව සිටි එක් අයකුගේ හිතවත් චීවරධාරියෙකු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. සිද්ධියවූ දිනට පසුදා පහන් වන අවස්ථාවේදී අසල්වැසියන්ගේ සහාය ඇතිව චීවරධාරීන් දේන්නා අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන්ගේ මවගෙන්ද දෙදිනක් තිස්සේ පොලිසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කීය.

මෙම සැකකරුවන්ගේ ප්ර්හාරය ලක්වූ ලක් වූ ජී.ජී. වික්රමමසිංහ 68 හා ඊ.කේ කුසුමාවතී 67 අඹුසැමි යුවළ මේ වන විටත් තවදුරටත් බරපතළ තත්ත්වය යුතුව වතුපිටිවල රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්රරතිකාර ලබමින් පසුවේ. මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇතැයිද පොලිසිය සදහන් කරයි.

මීගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ගේ මෙහෙයුම යටතේ කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

Related posts

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අයත් සංවිධාන 7ක් ලංකාව තහනම් කරයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday