Colombo Today Local News

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

මහව පොලිස්වසමේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් එම නිවසේ තිබූ පවුම් තුනහමාරක පමණ ස්වර්ණාභරණ කොල්ලකා ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (29)දින සවස 3.30 පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා ඔවුන් එම කොල්ලය සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

PCR පරීක්ෂණ සිදුකළ යුතු බව පවසා යම් බෙහෙත් පෙත්තක් අදාළ නිවැසියන්ට පානය කිරීමට සැලැස්වීමෙන් පසු එම මංකොල්ලය සිදුකර ඇතැයි වාර්තා වේ.

එය පානය කිරීමෙන් පසු සිදුවු කිසිවක් නිවැසියන්ට මතක නොමැති අතර, ඔවුන්ට සිහිය ලැබී ඇත්තේ අද (30)දින උදෑසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“නිවැසියන් පවසන ආකාරයට කාන්තාවක් වැනි අයෙක් ද සිටි බව වාර්තාවෙනවා මේ තිදෙනා අතර. ඉන්පසුව PCR පරීක්ෂණ සිදුකිරීමට යැයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තාවෙනවා. එය පානය කිරීමට. ඉන් පසුව සිදුවූ දෙයක් නිවැසියන් දන්නේ නැහැ. නමුත් අද දින උදෑසන තමයි ඔවුන් නැවත් අවදිවී තිබෙන්නේ. එම අවස්ථාවේ දී බලනවිට ඔවුන්ගේ පවුම් තුනහාමරක පමණ ස්වාර්ණාභරණ රැගෙන ගොස් ඇති බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් පවසන්නේ PCR පරීක්ෂණ ලබා ගැනමේදී කිසිම අවස්ථාවක යම් පෙත්තක් හෝ වෙනත් දෙයක් අදාළ පුද්ගලයින්ට ලබා නොදෙන බවයි. ඒ නිසා පැහැදිලිවම මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් මහව පොලීසි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම රටේම ජනතාවට දැනුම්දෙන්නේ මේ වසංගත අවස්ථාවේ රට අවදානම සිටින අවස්ථාවේ මෙවැනි වංචනික පුද්ගලයින්, අවස්ථාවාදී පුද්ගලයින් මේ සමාජයේ ඉන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේසම්වන්න.”

Related posts

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday