Colombo Today Local News

නිවාස අමාත්‍යාංශය අද වනවිට හයකට කඩලා.. මට දී තිබෙන්නේ එයින් එක කෑල්ලක් පමණයි – සජිත්

නිවාස අමාත්‍යාංශය මේ වන විට කෑලි හයකට කඩා ඇති බවත්, තමාට ලබා දී තිබෙන්නේ එයින් එක් කොටසක් පමණක් බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෑගල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඒ අමාත්‍යවරයා කියා සිටියේ සම්පූර්ණ අමාත්‍යාංශය තමාට තිබුණේනම් සාමසර කන්දේ නාය යෑමෙන් අවතැන්වූවන් තව දුරටත් කූඩාරම්වල තැබීමට ඉඩ නොතියන බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වෙලා අමාරු ගමනක් යන්නේ. ඒ යන්නේ එකම න්‍යාය පත්‍රයකට. එක පක්‍ෂයක් රට පාලනය කරනවා වාගේ නොවෙයි. එක් පක්‍ෂයකට ප්‍රමුඛතාව ලබාගන්න බැහැ. කුළල් කාගැනීම අවම කරගෙන අමාරු ගමනක් යන්න වෙලා තිබෙනවා. අපිට රෙද්දක් ඇඳගෙන පාරේ යන්න පුළුවන් විදියට ආණ්ඩුවේ හිටියත්, විපක්‍ෂයේ හිටියත් පුළුවන් වෙන්න ඕනෑ.” යැයිද අමාත්‍යවරයා උත්සවය අමතමින් කියා සිටියේය.

Related posts

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin

උතුරු නගනහිරට ෆෙඩරල් පාලනයකට යන ගමන කිසිවිටෙකවත් අත්හරින්නේ නෑ – විපක්ෂ නායක

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

colombotoday

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

Admin

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin