Colombo Today Local News

අද සිට ක්‍රියාත්මක වන Online පනත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් Online Safety පනත් කෙටුම්පතට කථානාවකවරයා අද (01) උදෑසන අත්සන්
තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඒ බව තහවුරු කළා ය.

අද මෙලෙස අත්සන් තබන ලද්දේ පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන එනු ලැබූ අදාළ පනත් කෙටුම්පතයි.

නමුත් මෙම පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන නෙසලකා පනත් කෙටුම්පත සම්මත කළ විපක්ශයේ මන්ත්‍රීවරුන් ඉන් අනතුරුව අනාවරණ කළේය

ඉන් අනතුරුව විපක්ෂය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්ව කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අධිකරණය දුන් සංශෝධන පනතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙසයි.

පාර්ලිමේන්තුවේ පනතනක් සම්මත වීමෙන් පසු එය බලාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසුවයි.

Related posts

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

Admin

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

රිෂාඩ්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 ක් ගැන විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මාතරින් කොළඹට කැඳවයි

colombotoday

අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා – ඇමති රිෂාඩ් (VIDEO)

colombotoday

දෙන්නගේ බල පොරය දින දහයක් රට එකතැන නතර කළා – අනුර කුමාර

colombotoday