29 C
Colombo
9 April 2025
Colombo Today Local News

පොහොට්ටුවෙන් ගැලවුණු මැදවච්චිය ප්‍රා සභාවේ බලය නැවතත් පොහොට්ටුවට

මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2022 වර්ෂය සඳහා පැවති අය වැය දෙවතාවක් පරාජයත් වීමත් සමග සභාවේ හිටපු සභාපති ශ්‍රී.පො.පෙ නියෝජනය කළ හේරත් සේනාරත්න මහතා ඉවත් කිරීමට පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පසුගියදා කටයුතු කළේය. ඒ අනුව පුරා සති දෙකක කාලයක් සභාවේ උප සභාපති චානක විජේසූරිය මහතා වැඩ බලන සභාපති ලෙස එම සභාවේ වැඩ කටයුතු කළේය.

පුරප්පාඩුව පැවත සභාපති නැවත පත් කිරීමේ විශේෂ සභාවක් අද(14) දින මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී උතුරුමැද පළාත් පාලන කොමසාරිස් ආර්.එම්. නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සභා වාරයේදී නව සභාපති වරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එච්.ඒ.කේ.සී මැන්ඩිස් මන්ත්‍රිවරයා යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කැළුම් වික්‍රිමසිංහ මහතා කටයුතු කළේය. එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ටී. සුනිල් රාජපක්ෂ මහතා ස්ථීර කළේය. අනතුරුව සභාවට තවත් යෝජනාවක් ගෙන එමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිණි පී.ඩිලානි කුසුම් පේමදාස මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි සිසිර සේනාරත්න මහතාව නව සභාපති වරයා ලෙස සුදුසුයැයි ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව සභාව විනාඩි තුනක පමන කාලයක් නිෂ්ශබ්ද වූ අතර එම යෝජනාව ස්ථීර කිරීමට කිසිවෙකුත් සමත් වූයේද නැත. ඒ අනුව පළාත් කොමසාරිස් වරයා එම යෝජනාව ප්‍රථික්ශේප වූ සේ සලකා නිතරගයෙන් පළමු යෝජනාව වූ එච්.ඒ.කේ.සී මැන්ඩිස් මන්ත්‍රි වරයා නව සභාපති වරයා ලෙස ප්‍රකාශ කළේය.

අනතුරුව නව සභාපති එච්.ඒ.කේ.සී මැන්ඩිස් මහතා සභාව අමතා සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතිවන්ත වන බවත් වන වැඩ කොටසක් ඉදිරියේදී කිරීමට සූදානම් බවත් පක්ෂ බේදයකින් තොරව සභාව හොද සභාවක් කරමු යැය පැවැසීය.

එම මහතා සභාපති වරයා ලෙස වැඩ භාර ගැනීමද අද(14) දින සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ, උප සභාපති චානක පුෂ්පකුමාර මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රි වරුන්ගේ ආශ්‍රීර්වාදයෙන් සිදු කිරිණි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ව්‍යාපෘති අධීක්ෂණයට පත්කරන්න යයි

colombotoday

කුරුවිටින් ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් සොයා ගනී

colombotoday

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

colombotoday