පෙර රජ දවසින් පසු පොලොන්නරුවේ පිබිදීමක් ඇති වූයේ පසුගිය වසර තුනහමාරක කාලය තුල බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
මෙම කාලය තුල තමන් පොලොන්නරුවේ විවෘත කිරීම් සියයකට වඩා සහභාගී වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා යන විට පාර දෙපස බැලූ විට සංවර්ධනයේ වේගය දක්වට ලැබෙන්නේ යයිද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.