Colombo Today Local News

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට කුමන හෝ ආකාරයක ව්‍යවස්ථාමය බාධාවක් පවතිනවාද කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

2015 බලයට පත් ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් බලයේ සිටීමට හැකි බව ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළහොත් තමාට මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

Related posts

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

colombotoday