Colombo Today Sports News

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

“ලංකා ප්‍රිමියර් ලීග් ” (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඒ, කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් යුතුවයි.

ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංග්ස්, දඹුල්ල වයිකිං, ජැෆ්නා ස්ටැලියන්ස් සහ කැන්ඩි ටස්කර්ස් එම කණ්ඩායම් වේ.

තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණියේය.

ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පකිස්ථාන ක්‍රීඩකයෙක් ඊට ඇතුළත්ය.

Related posts

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

කාසියේ වාසිය ඉන්දියාවට

Admin

ලංකා පි‍්‍රමියර්ලීග් තරගාවලියේ කී‍්‍රඩකයින් තෝරා ගැනීම අද

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday