ඔන්ලයින් ක්රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්යංශය අද (16) අවසර ලබා දී තිබේ.
සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සහ නිරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්යංශය වෙත ඉදිරිපත් කරන ලදි.
කෙසේ වෙතත් මේ සඳහා කොවිඩ් කමිටුවේ අනුමැතිය ලැබිය යුතුයි.