Colombo Today Local NewsTop Stories

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

සෑම සති අන්තයේදීම, උපකාරක පන්ති සඳහා පැමිණෙන දරු දැරියන් දහස් ගණනකින් කුරුණෑගල නගරය පිරී යන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී විවිධ වූ සමාජ විෂමාචාර ක්‍රියා බහලුව සිදුවන නගරයක් බවට කුරුණෑගල පත්ව තිබේ.

මෙම දිනයන්හිදී නගරය පුරා ඇති සියගණනක් වූ කාමර පහසුකම් ලබා දෙන හෝටල් යුවලයන්ගෙන් පිරී යන අතර හෝටල් කරා යන යුවලයන් බොහොමයක් බාල වයස්කරුවන් බවයි වාර්තා වන්නේ. මීට අමතරව වයසින් වැඩි පුද්ගලයින් පෙනුමෙන් අවුරුදු 14 සිට 18 දක්වා වූ පංති සඳහා පැමිණෙන දැරියන් සමග හෝටල් කරා පැමිණීම සුලබ දර්ශනයක් බවට පත්ව ඇත.

තැන තැන (ඇතුගල ප්‍රදේශයේ පිහිටි ලඳු කැළෑ, වැව රවුම විශේෂයි) එකතුවූ තරුණ දරුවන් මත්ද්‍රවය ලබාගැනීම් සිදුකරන අතර ගංජා, හෙරොයින්, දිව යට තබා ගන්නා දුම්කොළ විශේෂයක්, මත් පෙති බහුලව දක්නට ලැබෙන අතර මෑතක සිට “අයිස්” නැමති මාරාන්තික මත්ද්‍රව්‍යයක් සීග්‍රයෙන් තරුණයන් අතර ව්‍යාප්ත වෙන බව කුරුණෑගල ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු අප සමග ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව අවධානය යොමු කර ඇති කුරුණෑගල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සති අන්තයේදී විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. බොහෝ කාමර පහසුකම් ලබාදෙන හෝටල් සඳහා පිවිසෙන මාර්ගයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බැගින් යොදවා තිබෙනු දක්නට ලැබුනා. මීට අමතරව ඇතුගලට පිවිසෙන මාර්ගය, වැව රවුම ආදී ස්ථානයන්හි පොලිසිය යොදවා තිබෙනු දක්නට ලැබුණු අතර පොලිස් මුර සංචාරක රථද යොදවා තිබෙනු දක්නට ලැබුනා.

මේ පිලිබදව අප හෝටල් හිමියෙකුගෙන් කරුණු විමසූ අතර ඔහු සඳහන් කර සිටියේ දරුවන් දෙස දැකීමේදී පොලිසිය ගෙන ඇති මෙම පියවර ඉතා වටිනා ක්‍රියාවක් බවයි.

Related posts

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

දැව ජාවාරමක තොරතුරු සෙවීමට ගිය මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday