Colombo Today Local News

කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

මේ මස 10 වනදා දක්වා කොන්ක්‍රීට් සිලින්ඩරයක් ඇඟට පෙරළීමෙන් මස්කෙළියේ පාසැලක දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (05) හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා විසින් එම නියෝගය ලබාදී තිබිණි.

අදාළ සිදුවීමෙන් මස්කෙළිය ගාඩ්මෝර් දමිළ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි එස්. අනිශන් දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.

මස්කෙලිය ගාඩ්මෝර් දමිළ විද්‍යාල භූමියේ මෙලෙස අනාරක්ෂිත අයුරින් ගොඩගසා ඇත්තේ, අසල වතුයායක සංවර්ධන කටයුත්තක් සඳහා ගෙන එන ලද කොන්ක්‍රීට් සිලින්ඩර කිහිපයකි.

ඊයේ පස්වරු 1.30ට පමණ එම විද්‍යාලයේ දරුවන් කිහිපදෙනකු පාසලේ වැසිකිළිය අසළ තිබූ මෙම කොන්ක්‍රීට් සිලින්ඩර අසලට පැමිණ තිබිණි.

එහිදී දරුවෙකු පෙරළෙන ආකාරයෙන් තබා තිබූ සිලින්ඩරයක් මතට නැඟ තිබේ.

එම සිලින්ඩරය පෙරළීමත් සමග දරුවා විසිවී ගොස් ගැටී තිබුණේ අසල පිහිටි වැසිකිලි බිත්තියේය.

ඒ එක්කම, සිලින්ඩරය ද දරුවාගේ ඇඟට පෙරළී තිබේ.

සිලින්ඩරයට සහ වැසිකිළියේ බිත්තියකට මැදිව සිරව බරපතළ තුවාල ලැබූ දරුවා ඇතුළත් කරනු ලැබුවේ, මස්කෙළිය ප්‍රාදේශීය රෝහලටය.

අප වාර්තාකරු පැවසුවේ, රෝහල් ගත කිරීමෙන් පසු දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මෙම කොන්ක්‍රීට් සිලින්ඩර පාසලට අයත් නොවන බවය.

Related posts

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday