Colombo Today Local NewsTop Stories

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

8දකුණු ඉන්දියාවේ සිට ආගම ඉගැන්වීමටයැයි පවසමින් වසර 40කට ආසන්න කාලයක් ලංකාවට පැමිණෙන දෙහිවල ප්‍රදේශයේ කුතුබියා මන්සිල් නමැති ආයතනයක් පවත්වාගෙන යන ජෙලීල් මොහිදීන් නමැති වයස අවුරුදු 77ක වයෝවෘද පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ වයස අවුරුදු 17ක දැරිවියක් විවාහ කරගෙන ඇති බව වාර්තා වෙනවා.

බිරිද මිය යෑමෙන් පසුව, මොහොමඩ් නබි තුමා හීනෙන් පැමිණ තමන්ට මෙම දැරිවිය විවාහකරගන්නා ලෙස පැවසු බව ජෙලීල් මොහොදීන් සිය අනුගාමිකයන්ට පැවසීමෙන් පසුව දිළිඳු පවුලක් වූ මෙම දැරිවියගේ දෙමාපියන් වෙත මුදල් ලබා දී ඇයව ගෙන්වා විවාහකර දීමට මෙම අනුගාමිකයන් කටයුතු කර ඇත. ජෙලීල් මොහොදීන්ගේ අනුගාමිකයන් ලෙස මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් කිහිප දෙනෙකු කටයුතු කරන බව අප වෙත දැනගන්නට ඇත.

ආගම උගන්වන මුවාවෙන් මෙරටට පැමිණෙන ජෙලීල් මොහොදීන් නීති විරෝදී ලෙස මෙරටින් මුදල් පිටකිරීමේ ව්‍යාපාරවලට සම්බන්ද පුද්ගලයෙකු බවට අනාවරණය වන අතර ශ්‍රී ලංකික දැරිය විවාහකර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පුරවැසිබාවය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. විවාහයෙන් පසුව 17 වයසැති දැරිවිය සතුව තිබූ ජංගම දුරකථන සියල්ල ඉවත් කිරීමට ජෙලීල් මොහොදීන් කටයුතු කර ඇති අතර ඇයව ඔහුගේ නිවසේ සිර කර තබාගෙන සිටින බවටද දැනගන්නට ඇත.

Related posts

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin

කොත්තමල්ලි, කහකුඩු සමග පාරිභෝගික භාණ්ඩ 10කට පනවා තිබූ පාලන මිළ ඉවතට !

colombotoday

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday