Colombo Today Local News

විවාහ පොරොන්දු දී ලක්ෂ 23කට විද්ද FM නිවේදකයා අවුරුද්දක් හිරේ

විවාහ කරගන්නා බවට පොරොන්දු වී තරුණියකගෙන් ලක්ෂ 23ක මුදලක් ලබාගෙන වංචා කළ ගුවන් විදුලි නිවේදකයකු වසරක කාලයකට සිරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (28දා) නියෝග කළාය.
රුපියල් 2500ක දඩයක්ද කොටුව මහේස්ත්‍රාත්වරියඑම පුද්ගලයාට නියම කළාය.

සිරගත කරනු ලැබූ පුද්ගලයා මෙරට ප්‍රසිද්ධ ගුවන් විදුලි නාළිකාවක දෙමළ අංශයේ නිවේදකයෙකි.
ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වූයේ දෙමළ තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 23ක මුදලක් ලබාගෙන මුදල් වංචා කිරීමයි.

ලක්ෂ 23ක මුදලින් ලක්ෂ 7 1/2ක මුදලක් එම පුද්ගලයා පැමිණිලිකාර තරුණියට පසුව ගෙවා ඇති අතර තවත් ලක්ෂ 4ක මුදලක් අධිකරණයේදී ඊයේ (28දා) ගෙවනු ලැබුවේය.
පැමිණිලිකාරිය විදෙස් රටක අධ්‍යාපනය ලැබූ තරුණියක් වන අතර විදෙස් අධ්‍යාපනය ලබන අතරතුර උපයනු ලැබූ මුදල් එලෙස වංචාසහගතව විත්තිකරු විසින් ලබාගෙන ඇත.
නඩු විභාගයකින් පසුව එම පුද්ගලයා වරදකරු වී තිබේ.

Related posts

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

බෙදුම්වාදින්ගේ ඕනෑ එපාකම් ඉටුකරද්දී හෘද සාක්ෂියට ඉඩදුන් නිලාවේලි නාවික කදවුරේ සෙබලෙක් සිරකරයි

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday