Colombo Today Local News

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

වෑන් රථයක් අද (09) අලුයම 5.45ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව තිබේ. ඒ රුසියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගෙන යමින් සිටියදීය.

අප වාර්තාකරු පැවසුවේ, අධිවේගී මාර්ගයේ සූරියවැව අන්දරවැව අන්තර් හුවමාරුව ආසන්නයේ දී අධිවේගය දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බවය.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 8ක රුසියානු ජාතික ගැහැනු දරුවෙකු ද සිටින බව පොලීසිය පවසයි.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සංචාරකයින් සිව්දෙනෙකු සහ රිය සහායක තුවාල ලබා තිබේ.

අනතුරින් ලොරි රථ රියදුරු, රියදුරුගේ බිරිඳ සහ අවුරුදු 2 සහ 11 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා ද තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් පිරිස අහුංගල්ලේ සිට ඇල්ල බලා ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

Breaking News: රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්

colombotoday

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

colombotoday

“හිටපු කොටි සාමාජිකයන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නවානම් අපි නිකන් ඉන්නේ නෑ” TNA

colombotoday

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා – අයදුම්පත් කැඳවීම ජූලි 06 තෙක් පමණි.

Admin

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday