Colombo Today Local News

UPDATE: ඇප හිමි වූ ඤාණසාර හිමි යළි රිමාන්ඩ්… සුදත්ත හිමිත් රිමාන්ඩ්

gn su 125

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බන්ධනාගාරගත කර සිටි අද දිනයේ ඇප නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි හෙට දිනය දක්ව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

ඒ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට තර්ජනය කළේ යැයි පැවසේන චෝදනාවටයි.

මේ අතර බන්ධනාගාරගත කර සිටි සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමියන්ද නැවත වරක් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම අධිකරණය නියෝග කරනු ලැබුවා.

අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලද උන් වහන්සේ ඇතුළු තවත් හිමිවරුන් කිහිප දෙනෙකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.


 

Published on: Feb 9, 2016 @ 03:15

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය.

අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වූ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය.
පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.

Related posts

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

අධිභාර බද්ද EPF, ETF ඇතුළු අරමුදල් 09 කට ඇතුළත් නොවෙයි…

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday