Colombo Today Local News

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ලබාදීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමතමිනි.

වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වේ.

මෙම කාරක සභාවේ සභාපති ධූරය හිමිවන්නේ විෂයභාර ඇමතිවරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය.

රණවිරු පවුල්වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් කීවේය.වත්මන් රජය මින් පෙර කාලවලදී මෙන් උද්ඝෝෂණකරුවනට කිසිදු හිරිහැරයක් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin