Colombo Today Local Newsfeatured

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට(4) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් හෙට (4) දිනයේදී දිවයින පුරා විහාරස්ථාන රාශියක උන්වහන්සේට සෙත් පතා ආශීර්වාද පුජා පැවැත්වීමට කටයුතු  සුදානම් කර තිබෙනවා.

1975 මාර්තු 04 වනදා ගලගොඩඅත්ත ග්‍රාමයේදී මෙලොව එලිය දුටු නුවන්සිරි කුමාර වයස අවුරුදු 11 දී වතුරවිල ජයබිම අරණ්‍ය සේනාසනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි නමින්  පැවිදි දිවියට එළඹෙනවා. ගාල්ල වතුරවිල අරණ්‍ය සේනාසනයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අනුරාධපුර සාරානන්ද පිරිවෙන සහ විද්යෝදය පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාදියත් “රාජකීය පණ්ඩිත” විභාගයෙනුත් සමත්වී කලපලුවාව පිරිවෙනෙහි පරිවේනාධිපති ලෙස කටයුතු කර ඇත.

පසුව පරිවේනාධිපතිධූරයෙන්  ඉල්ලා අස් වෙන උන්වහන්සේ තම ජීවිතය පුර්ණ කාලින ලෙස රට,දැය,සමය වෙනුවෙන් කැප කර ජාතික සංඝ සම්මේලනයේ මහ ලේකම් ලෙස විශාල මෙහෙයක් සිදුකරනු ලබනවා. පසුව ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරීවන උන්වහන්සේ අන්‍යගමිකරන පනත සම්මත කරවා ගැනීමට විශාල උත්සාහයක නියැලෙන ලදි. පසුව 2012 වසරේදී බොදු බල සේනා සංවිධානය නිර්මාණය කර ඉතිහාසයේ කිසිදු සංවිධානයක් නොකළ අමිල මෙහෙවරක් රට වෙනුවෙන් ඉෂ්ඨ කරන ලද අතර ඒ නිසාම 2016 වසරේ දින 28ක් සිරගතව සිටි උන්වහන්සේ 2017 වසරේ රජයේ මෙහෙයවීමෙන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට මාස එක හමාරක් උත්සහ ගත් අතර ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් පවා ඉදිරිපත් කිරීමට උන්වහන්සේට සිදුවුවා. 2018 වසරේදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළායැයි පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් පනවන ලද අතර සති දෙකක් සිරගතව සිටි ඥානසාර හිමි ඊට විරුද්ධව මහාධිකරණයට ගොනුකළ අභියාචනයකින් පසුව එම දඬුවම අත්හිටුවනු ලැබුවා. අධිකරණයට අපහාස කළායැයි චෝදනා මත 2018 වසරේ අගෝස්තු 8 වනදා අවුරුදු 19ක සිරදඬුවම් වසර 6කින් එකවර ගෙවීයන ලෙස අසාධාරණ ලෙස අභියාචනාධිකරණය විසින් පනවන ලද අතර මේ වනවිට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටිනවා.

https://www.youtube.com/watch?v=_BOgNKGSRJU

Related posts

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday