Colombo Today Local NewsTop Stories

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදී දිගින් දිගටම අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමසඳහා මැදිහත් වෙන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කෝට්ටේ සංඝ සභාවේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමිගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පසුගිය 2 වෙනිදා මහනායක හිමි බැහැදැකීමට වැඩමකළ අවස්ථාවේදීයි.

පරීක්ෂණ කරන බවට අධිකරණයට දැන්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් දිගින් දිගටම සිර කර තැබීමට කටයුතු නොකොට ඔවුන්ට විරුද්ධව චෝදනා තිබේනම් කඩිනමින් නඩු පවරා ඇප ලබාගැනීමට අවස්ථාව සැලසීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙස ඥානසාර හිමි මෙහිදී ඉල්ලා ඇත.

Related posts

සඟවා තිබූ සහල් විශාල ප්‍රමාණයක් අල්ලයි

Admin

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

colombotoday

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday