Colombo Today Local News

මුජුබර් රහුමාන් ඇදපු අන්චියෙන් ඥානසාර හිමි නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.

පොලොන්නරුව සෝමාවතී රක්ෂිත ප්‍රදේශයට අයත් ජලගැලුම් නිම්න වනෝද්‍යානය තුල චෛත්‍ය 15 ක් විනාශ කර ඒ මත ගවයන් ගාල් කිරීමේ සිද්ධියක් නිරීක්ෂණය කිරීම සඳහා, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි 2017 වසරේදී එම ප්‍රදේශයට වැඩම කෙරූ අවස්ථාවේදී සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් මුස්ලිම් ජනතාවටත්, ඉස්ලාම් ආගමටත්, අල්ලා දෙවියන්ටත් අපහාස කළ බවට චෝදනා ගොනුකරමින් කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ගොනු කර තිබූ නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (10) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට කරුණු නොමැති බැවින් සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසිනි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ලහිරු අඹේරත්න යන මහත්වරු අධිකරණයේ කරුණු දක්වන ලදි.

Related posts

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin