Colombo Today Local News

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුව නීතීපති ඉල්ලීමට යලිත් විභාග කෙරේ

තලංගම ප්‍රදේශයේ ඉවැන්ජලිකල් යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා ඔවුන්ට එරෙහිව නිසි දඩුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන නොවැම්බර් 23 වැනි දා විභාග කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අභියාචනාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර මහත්මිය සහ සහ අචල වෙංගප්පුලි මහතා ඇතුළු පිරිසකගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.

කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති නඩුවේදී විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබියදී ඔවුන් සියලු දෙනා නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා ඔවුන් වැරදිකරුවන් කරන ලෙස ඉල්ලමින් නීතීපතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Related posts

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

colombotoday

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin