පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය FCID මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජේසී වැලිඅමුණ මහතා බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ටික දිනකට පෙර රූපවාහිනී නාලිකවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අංක 150005/602202 වංචා දුෂණ විමර්ෂණ කමිටුව වෙනුවෙන් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගෙනහැර දක්වමින් ඔහු මේ පිළිබදව කරුණු හෙළිකර සිටියා.
මේ අතර ඊයේ 1දින රාත්‍රියේ විකාශය වූ හිරු රූපවාහිනියේ “සලකුණ” දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් මෙගාපොලිස් ඇමති පාඨලී චම්පික රණවක මහතා ද පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සදහා පත් කරන ලද කමිටුවේ සිටින බවයි.