Colombo Today Local News

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු  තමන් එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනාව වැඩිදුර විභාගය අනිද්දා (10)  කල් තැබිණි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.

අභියාචන විත්තිකාර අනුර තුෂාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මහාධිකරණයේ පැවති නඩු තීන්දු නියමාකාරයෙන් ලබා දුන් එකක් නොවන බවයි.

එබැවින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අහෝසි කරන්නැයි ද අනූජ ප්‍රේමරත්න මහතා කීය.

ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිය අභියාචනයෙන් කියා තිබිණි.

ඒ හේතුවෙන් එම දඬුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටීයි.

Related posts

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

colombotoday

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday