Colombo Today Local News

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් ගෙන එන බව වාර්තා වෙනවා.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අද දිනයේ දී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා ඇත.

නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් ඔහු වෙත ඇති බලතල යටතේ නාගරික බදු ගෙවන්නන් හට අසීමිත බදු මුදල් වැඩි කිරීමක් ද මේ යටතේ සිදු කිරීමට නියමිතව ඇත. වාර්තා වන අන්දමට බදු මුදල් 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිදු වීමට නියමිතව ඇත. සියලුම ව්‍යාපාරිකයන් සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීම අද දවසේ දී දඹුල්ල මහ නගර සභාවට ඉදිරිපත් කිරීමට යෝජිත බදු සංශෝධන යෝජනා සඳහා ඇතුළත් වී ඇත.

මීට ඉහතදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී නිවසේ ඇති කරන සුරතල් බල්ලට බදු ගැසූ ආකාරයට දඹුල්ල මහනගර සභාවේ බදු ආඥා පනත යටතේ නගර සීමාව තුළ ඇති කරන සියලු බල්ලන්ට බදු ගැසීම සඳහා යෝජනා කර ඇත.

කෙසේ වෙතත්, දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ට එතරම් වැටහීමක් නොමැති බව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ දී දැනගන්නට ලැබිණි. බලු බද්ද ලංකාවේ බදු ක්‍රමය තුළ අලුත් කතාබහක් ඇති කරනු ඇති බව විශ්වාස කරන බව නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසීය.

මහින්ද උදයසිරි රත්නායක

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

colombotoday

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

Admin

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම එනවා -සජිත් තිරප්පනේදී කියයි

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday