Colombo Today Local News

දෙහිවල සතුන් වත්තේ සතුන්ගේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට සතුන් සඳහා ආහාර ලබාගැනීමේ දී රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පාලනාධිකාරිය රජයේ විගණන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

2018 සහ 2019 වර්ෂවල ටෙන්ඩර් මගඩි මගින් රුපියල් මිලියන 76ක වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු ලැබීම නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් සත්වෝද්‍යානයේ පොහොර වංචාව සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.

2018 – 2019 වර්ෂවල කොවිඩ් වසංගතයක් නොමැති වකවානුවේදී වට්ටක්කා කිලෝවක් රුපියල් 195කට ද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 185ක් වැනි මිලකටත් ලබාගෙන ඇති බවට හෙළිවන බවත් එම නිලධාරියා පැවසීය. සාමාන්‍යයෙන් වර්ෂයකට එක් වර්ගයකින් කිලෝ ලක්‍ෂ 02ක් පමණ මිලදී ගනු ලබන බවද ඔහු කීය.

සත්වෝද්‍යානයේ පොහොර වංචා කිරීම සඳහා ව්‍යාජ පොත් මුද්‍රණය කර එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට හෙළිවී ඇතැයි ද කී එම නිලධාරියා සත්වෝද්‍යානයට ආහාර සැපයීම සඳහා සත්වෝද්‍යාන නිලධාරීන්ගේ පවුලේ ඥාතීන්, වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස විමර්ශන කමිටුවලින් ඉල්ලා සිටි බවත් පැවසීය.

Divaina

Related posts

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

colombotoday

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin