Colombo Today Local News

ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මාධ්‍යට (25) දින විශේෂ ප්‍රකාශයක් කරමින් මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙසේ පැවසිය.

“රටේ ජනතාව විශේෂයෙන් වතුකරයේ ජනතාව ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගැස් හිගය , විදුලි කප්පාදුව හේතුවෙන් දැඩි පිඩාවට පත් වි ඇති නිසා තම පක්ෂය රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වුණා. සමගි ජන බලවේගයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිලිබදව බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබුණේ නැ. ඒ නිසා අපි ඒකට සහයෝගය දෙන්න තිරණය කරලා තිබුණේ නැ. අද වෙනකොට රටේ බහුතර ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා ඉන්න අවස්තාවේ විශ්වාසභංග යෝජනාව දිනන්න පුළුවන් කියලා වැඩි පිරිසක් විශ්වාසයෙන් කටයුතු කරනවා.”

“ඒ අනුව තමයි අපි කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි අපේ පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියළුම ජෙෂ්ඨ නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්නවාද නැද්ද යන්න පිලිබදව. ඒ අනුව අප පක්ෂය ඒකමතිකව තිරණය කලා විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහයෝගය දක්වන්න. අපි හැමදාම තිරණයක් ගන්නේ හොදට හිතලා බලලා, අපි වෙනත් අයට ඕනි විදිහට තිරණය ගන්නේ නැ, සමහරුන් අපිව විවේචනය කරනවා අපි බුද්ධිමත් තිරණ ගන්නේ නැ කියලා. අපි නිසි වේලාවට බුද්ධිමත් තිරණ ඕනි තරම් ඉතිහාසයේ අරගෙන ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.ඒ අනුව තමයි විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන්න අපේ පක්ෂය ඒකමතිකව තිරණය කලේ” යනුවෙන්පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

රංගන ශිල්පී උද්දික අනුරපුරෙන් මැතිවරණ සටන අරඹයි

colombotoday