Covid 19

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

ඩෙල්ටා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා

ඉදිරි සති දෙක දැනටමත් තීරණය වී අවසන් බවයි ඇය සඳහන් කරන්නේ

එමෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් සුලභව සිටින බවත් රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් දැනටමත් සිටින බවද ඇය කියා සිටිනවා

පි සි ආර් කරන ප්‍රමාණය අනුව සීමිත රෝගීන් ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබෙන බවත් සමාජයේ පස් ගුණයක රෝගීන් ප්‍රමාණයක් සිටිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා

ඩෙල්ටා වේගයෙන් පැතිරෙන බැවින් රෝගීන් වැඩි ප්‍රමාණයක්, වැඩි සංකුලතා ඇතිවන ප්‍රමාණයකුත්, වැඩි මරණ සංඛ්‍යා වකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Related posts

පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !

colombotoday

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

හිටපු අමාත්‍ය පී.හැරිසන්ටත් කොරෝනා

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday