Covid 19

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින තරු පහේ හෝටලයක දෙදෙනෙකු කොරෝනා

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය.

මෙම දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද හෝටල් පාර්ශවයෙන් සාර්ථක ප්‍රතිචාර නොදැක්විණි.

ආසාදිත සේවකයින් දෙදෙනා  ගාල්ල ප්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි. 

එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරග ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලීට ආසාදනය වී තිබුණේ කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් එංගලන්ත නව ප්‍රබේදය බව  පසුගිය 13 වැනි දා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබිණි.

කෙසේ වුවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුව ප්‍රකාශ කළේ එංගලන්ත ක්‍රීඩකයාගෙන් මෙරට කිසිවකුට නව ප්‍රබේධය වැළඳී නොමැති බවයි.

Related posts

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

හකීම් පසුපස අලි ෂබ්රිත් යයි – කලකිරීමෙන් බවත් කියයි. – මුස්ලිම් දේහයන් ආදාහනය ගැන අදහස කියයි.

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin

ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා

colombotoday