කොවිඩ් – 19 වයිරසය මර්දනය සඳහා රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ‘සුදර්ශනී පැණිය’ ලබාදීම සිදු කරනුයේ බටහිර ඖෂධයක් ලෙස නොව ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව සකස් කළ දේශීය ඖෂධයේ සායනික පරීක්ෂාව සඳහා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.
දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ සිදු කිරීමට මැදිහත්වීමක් සිදු කළ බව ද ඇමැතිවරයා පැවසුවේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම ඖෂධයට අදාළ පර්යේෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය දුලිකා ගුණසේකර මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදු බවත් මෙය ආයුර්වේදයේ දිගු කලක් පැවති ඖෂධයක් ඇසුරෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කරන ලද පරීක්ෂණයකට අදාළව නිෂ්පාදනය කළ ඖෂධයක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.