බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සඟවා තිබූ ජංගම දුරකතන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ සූක්ෂම ලෙස පොළොව අභ්‍යන්තරයේ වළදමා තිබියදීය.
බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල කළ හදිසි සෝදිසි කිරිමකට ලක් කිරීමේදී මේ බව අනාවරණය විය.
එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමානයේ ජංගම දුරකතන 02 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, ඩේටා කේබල් 02 ක් යන දෑ සොයාගෙන ඇතැයි සඳහන් ය.