Covid 19World

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

ඉන්දියාව තුළ පැතිර ඇති කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදය අවම වශයෙන් තවත් රටවල් 17කට ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රභේදයේ ආසාදිතයන් වැඩිපුරම හමුවී ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සිංගප්පූරුව යන රටවලින් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

සතිපතා සිදුකෙරෙන වසංගත විද්‍යාත්මක යාවත්කාලීන කිරීම පෙරේදා (27 වැනිදා) සිදුකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනාවරණය සිදුකළේය.

ඉන්දියාවේ පැතිර ඇති මෙම නව විකෘති කොරෝනා වෛරස ප්‍රභේද හඳුන්වා දී ඇත්තේ B1617 යනුවෙනි.

එම ප්‍රභේදය මුල් වෛරස ‘පිටපතට’ වඩා භයානක බවත්, එය වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය වන හා වඩාත් මාරාන්තික ප්‍රභේදයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Related posts

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

Admin

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනා

colombotoday

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin