Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මිට සුලු මොහොතකට පෙර හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම තීරණය ගත් බවය.

ඒ අනුව ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සුමේධගම්පුර, මූදෝවි, කොවිල්අඩි හා ලිංගනගර් යන ග්‍රාම නිලධාරි වසම් මේ මෙහොතේ සිට හුදකලා කර තිබේ.

මීට අමතරව චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවච්චි කුඩා හා චීන වරාය ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

Related posts

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයි

Admin

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

Admin

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin