Covid 19

ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් ද බෝවිය හැකියි

ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ‘කොවිඞ් 19’ ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23)දින පැවැත්වු ‘කොවිඞ් 19’ පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මීට පෙර වාර්තා වු කොවිඞ් ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

Related posts

කොළඹ නාගරික සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 109 ක්

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday